2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට යළි ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරාගත් ජාතියක් ලෙස බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අභියෝග රැසක් මධ්‍යයේ වුව ද ගත වු වසර ජාතික අභිලාශ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසරක් බව...

