ශ්‍රී ලංකාවේ දරුවන් සයිබර් තර්ජන, මාර්ගගත ප්‍රචණ්ඩත්වය සහ ඩිජිටල් අවකාශයේ ඇති අවදානම්වලින් ආරක්ෂා කිරීම සඳහා නියාමන සහ අධ්‍යාපනික විසඳුම් ඇතුළත් විස්තීර්ණ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, දරුවන්ට ඩිජිටල් තාක්ෂණයෙන් ලැබෙන ප්‍රතිලාභ ආරක්ෂා...

