සෞඛ්යය හා ආරක්ෂාව පිළිබඳව ජනතාව දැනුවත් වීම පමණක් ප්රමාණවත් නොවන බවත්, එම දැනුම දෛනික ජීවිතයේ ක්රියාවට නැංවීම වැදගත් බවත් නියෝජ්ය අමාත්ය අනිල් ජයන්ත පැවසීය. සෞඛ්යය හා සුරක්ෂිතතාව පිළිබඳව සමාජය තුළ අවබෝධයක් පැවතියද, බොහෝ අවස්ථාවලදී එම අවබෝධයට අනුකූලව ක්රියා නොකරන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. අමාත්යවරයා සඳහන් කරන ලද්දේ, සෞඛ්ය සම්පන්න...

