හිටපු ජනපති මහින්ද රෝහලේ. – 27.11.2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඇතුලත්කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා මෙලෙස රෝහලට ඇතුළත් කළ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා. ඒ අනුව, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.