වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වෙඩි තැබීමෙන් ඔහු තුවාල ලබා රෝහල්ගත කර ඇත. ඔහු ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ.

