වැලිගම සභාපති ඝාතනය සම්බන්ධයෙන් 3 දෙනෙක් අත්අඩංගුවට. – 26.10.2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක් ද සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.