‘දිට්වා’ ව්‍යසනයෙන් හානිවූ මහාමාර්ග සහ දුම්රිය මාර්ග හදන්න NBRO විශේෂඥ සහය. – 27.02.2026

2025 දිට්වා ව්‍යසනයෙන් බරපතල හානිවූ ශ්‍රී ලංකාවේ මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය නැවත යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් කඩිනම් තාක්ෂණික සහය ලබාදී ඇත. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 පිහිටි ආයතනයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී, මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව...