2025 දිට්වා ව්‍යසනයෙන් බරපතල හානිවූ ශ්‍රී ලංකාවේ මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය නැවත යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් කඩිනම් තාක්ෂණික සහය ලබාදී ඇත.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 පිහිටි ආයතනයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී, මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන ලදී.

ඒ අනුව, 400කට අධික මහාමාර්ග නායයාම් සහ 70 දුම්රිය හානි පිළිබඳ විධිමත් පරීක්ෂණ සිදුකර, ඉදිකිරීම් ආරක්ෂිතව හා ස්ථාවරව සිදුකිරීමට අවශ්‍ය වාර්තා මාර්තු 31ට පෙර ලබාදීමට ආයතනය එකඟ වී ඇත.

රජය මගින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබූ අතර, ජනතාව නගන විවේචන හා චෝදනාවන්ට පාදක වූ සේවා ප්‍රමාදයන් අවම කර, යටිතල පහසුකම් වේගයෙන් යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු සිදුකෙරේ.