ඉන්දියාවේ රැඳී සිටින බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි සිය රටට පැමිණියහොත් ඇය අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන බව බංග්ලාදේශ රජය ප්‍රකාශ කර තිබේ.
2024 වසරේ ඇතිවූ ජනතා නැගීසිටීමෙන් අනතුරුව බලය අහිමි වූ හසීනා ඉන්දියාවට පිටත්ව ගියාය. ඇයට එරෙහිව බංග්ලාදේශයේදී මරණ දඬුවමක්ද නියම කර තිබේ.
එළඹෙන දෙසැම්බර් මාසයේදී යළි බංග්ලාදේශයට පැමිණීම සඳහා අවශ්‍ය සංචාරක ලේඛන ලබාගැනීමට ඇය ඉල්ලීම් කර ඇතත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති බව Reuters වාර්තා කරයි.
දෙරට අතර පවතින උදර්පණ ගිවිසුම යටතේ හසීනා බංග්ලාදේශයට භාරදෙන ලෙසද ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.
මේ අතර බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 28ක පමණ බෝම්බ පිපිරීම් සහ ගිනිතැබීම් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. එම ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් රජය සහ හසීනාගේ අවාමි ලීගය එකිනෙකාට චෝදනා කරමින් සිටී.
බංග්ලාදේශ රජයේ නවතම උදර්පණ ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රසිද්ධ ප්‍රතිචාරයක් දක්වා නොමැත.



