වේගයෙන් දියුණු වන කෘත්‍රිම බුද්ධි පද්ධතිවල හැකියාවන් පාලනය කිරීම සඳහා AI සංවර්ධන සමාගම් අතර පොදු ප්‍රමිතියක් හඳුන්වාදිය යුතු බව OpenAI සමාගමේ ප්‍රධාන විද්‍යාඥ යාකුබ් පචොට්ස්කි යෝජනා කර තිබේ.
නොවැම්බර් 22 වැනිදා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව කෘත්‍රිම බුද්ධි ආකෘතිවල ප්‍රගතිය මැනීම සඳහා Perplexity ඇතුළු මිනුම් ක්‍රම භාවිත කළ හැකිය.
AI පද්ධතියක් තොරතුරු අනුක්‍රමයක ඊළඟ අංගය කෙතරම් නිවැරදිව පුරෝකථනය කරන්නේද යන්න තක්සේරු කිරීමට Perplexity මිනුම භාවිත වේ.
ආරක්ෂණ සහ නිරීක්ෂණ පද්ධති නියමිත ප්රමිතීන් සපුරන තෙක් AI ආකෘතිවල හැකියාවන් එකඟ වූ සීමාවකින් ඔබ්බට සංවර්ධනය නොකළ යුතු බව පචොට්ස්කිගේ අදහසයි.
2027 තරම් ආසන්න කාලයකදී AI තාක්ෂණය විසින්ම නව AI පද්ධති සංවර්ධනය වේගවත් කිරීමට හැකිවනු ඇතැයි ඔහු පුරෝකථනය කර තිබේ. OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් ද මෙම යෝජනාවට සහාය පළකර ඇත.




