විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය පරිපාලකයන් සහ ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන් සඳහා DAT දීමනාවේ ඉතිරි රුපියල් 50,000 සම්පූර්ණයෙන් ගෙවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා තිබේ. එම දීමනාව රුපියල් 25,000කින් වැඩි කිරීමට 2027 අයවැයෙන් යෝජනා කර ඇති පසුබිමක සංගමය මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව The Morning වාර්තා කරයි.
2018 දී රුපියල් 120,000ක DAT දීමනාවක් අනුමත කර තිබුණ ද දැනට ගෙවන්නේ රුපියල් 70,000ක් බව සංගමයේ ලේකම් වෛද්‍ය උභය බණ්ඩාර වරාකාගොඩ එම පුවත්පතට පැවසීය. අතිරේක රාජකාරි සහ රජයේ නිවාඩු දින දීමනාවලින් ගෙවීම අත්හිටුවා ඇති තුනෙන් එක යළි ගෙවන ලෙස ද සංගමය ඉල්ලා තිබේ.
මේ පිළිබඳව The Morning කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ අයවැය ක්‍රියාවලිය තවමත් අවසන් වී නැති බවයි. වෘත්තීය සමිති ඉදිරිපත් කරන ඉල්ලීම් සලකා බැලිය යුතු බව ද ඔහු සඳහන් කළේය.





