කිලිනොච්චිය නගරයේ පිහිටි කිලිනොච්චිය වැවේ ලොකු කුඩා මසුන් දහස් ගණනක් පසුගිය සෙනසුරාදා සිට මියයමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසති. මියගිය මසුන් හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පැතිර ගොස් ඇත.
කිළිනොච්චිය ධීවර හා ජලජ සම්පත් කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළේ, වැවේ සොරොව්ව බිඳීයාම හේතුවෙන් එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යම් ජල ප්‍රමාණයක් පිටතට ඉවත් කිරීමට සිදු වූ බවයි. ඒ අනුව වැවේ ජල මට්ටම සීඝ්රයෙන් පහළ බැසීම, ප්‍රමාණවත් ජලය නොමැති වීම සහ පවතින ජලය අධික ලෙස රත්වීම මසුන් මියයාමට හේතු වන්නට ඇතැයි සැක පළ කෙරේ.
දුර්ගන්ධය පාලනය කිරීම සහ සෞඛ්යාරක්ෂිත පියවරක් ලෙස ප්‍රදේශයේ යුද හමුදා නිලධාරීන්, ප්‍රදේශවාසීන්, ධීවර හා ජලජ සම්පත් කාර්යාලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවකයන් එක්ව මියගිය මසුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම් යටතේ මියගිය මසුන් විනාශ කිරීමට කටයුතු යොදා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක බව නිලධාරීහු පවසති.


