ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අවම මට්ටම දක්වා පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල සියයට 3.9කින් අඩු වී ඇමරිකානු ඩොලර් 80.17ක් ලෙස සටහන්ව ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සියයට 3.5කින් පහළ ගොස් ඇති අතර, එහි මිල ඇමරිකානු ඩොලර් 89.37ක් ලෙස දැක්වේ.

නෞකාවලට ප්‍රහාර එල්ල වීම අඛණ්ඩව සිදු වුවද, පර්සියානු බොක්ක ඔස්සේ බොරතෙල් සැපයුම අඛණ්ඩව පවතිනු ඇතැයි වෙළෙඳපොළ තුළ පවතින අපේක්ෂාව මෙම මිල පහළ යාමට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.