අයි.සී.සී. එමර්ජින් නේෂන්ස් කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර නොවැම්බර් 25 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අජ්මාන්හිදී පැවැත්වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ සහ සුපිරි හය (Super Six) වටයේ පැවැති සියලුම තරග ජයග්‍රහණය කරමින් අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ.
එම ගමන්මඟේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9කින් සහ නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 9කින් පරාජය කළ අතර, තියුණු තරගයකින් අනතුරුව පාකිස්තාන කණ්ඩායම ලකුණු 4කින් පරාජය කිරීමටද සමත් විය.





