කුරුඳුවත්ත පොලිස් වසමේ බි.එම්.අයි.සී.එච්. රථගාල පරිශ්රයේදී කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී ගජමුතු බවට සැකකරන ඇත් දළ කොටස් දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුඳුවත්ත පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 29 වයස්වල පසුවන බව පොලීසිය සඳහන් කරයි. ඔවුන් කඩවත සහ තණමල්විල ප්රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.





