කිලිනොච්චිය සිට නව හබරණ දක්වා ඉදිකිරීමට යෝජිත කිලෝවෝල්ට් 400ක විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ මූලික කටයුතු සඳහා 2027 අයවැයෙන් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන දක්වා තිබේ. උතුරු ප්‍රධාන සම්ප්‍රේෂණ ජාලයේ කොටසක් වන මෙම මාර්ගය 2030 වන විට නිම කිරීම රජයේ ඉලක්කයයි.
මාර්ගය ඉදිකිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍ය සහාය ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව අයවැය කතාවේ සඳහන් වේ.
විදුලි ජාලයේ ධාරිතාව සහ විශ්වසනීයත්වය වැඩි කිරීම සඳහා පෞද්ගලික ආයෝජන යටතේ තවත් සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීමට අයවැයෙන් යෝජනා කර ඇත. නොරොච්චෝලේ සිට වාරියපොළ දක්වාත් මොනරාගල සිට හම්බන්තොට දක්වාත් කිලෝවෝල්ට් 220 බැගින් වූ මාර්ග දෙකක් සහ නව හබරණ සිට කිරිඳිවැල දක්වා කිලෝවෝල්ට් 400ක මාර්ගයක් ඒ අතර වේ

