කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ විශේෂ නිරීක්ෂණයක්. – 26.01.2026

දිට්වා ආපදාවෙන් විපතට පත්ව අධ්‍යාපනය හැදෑරීමට අපහසු වී ඇති සිසුදරුවන් හට විභාග ඉලක්ක කරමින් අධ්‍යාපනය ලබාදෙන මහනුවර දිස්ත්‍රික්කයේ ගුරුදෙණිය අධ්‍යාපන සංවර්ධන පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා සිදු කළේය. මෙහි සිසු සිසුවියන් 125 දෙනෙකු ඉගෙනුම ලබන අතර, එම සියලු...