‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ රජයේ ප්‍රතිපත්තිය යටතේ හිමිකම ජාතික වැඩසටහන මගින් මහවැලි හිමිකම් පත් 1000ක් මහවැලි සී කලාපයේ ගොවි ජනතාව වෙත ලබාදීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දින ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන මහවැලි කලාප දහය තුළ ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙතෙක් මෙම ඉඩම්වල ජීවත්වන ගොවිජනතාවට ලබා දී නොමැති ඉඩමේ අයිතිය තහවුරු කෙරෙන ලියවිලි මහවැලි අධිකාරියේ මූලිකත්වයෙන් ලබා දීම සිදු කෙරිණි.

ලාල් කාන්ත අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කරන ලද්දේ සිය උරුමයන් අතහැර මහවැලි ඉඩම්වල පදිංචි වීමට පැමිණි ගොවි ජනතාව හේතුවෙන් මහවැලි ව්‍යාපාරය බිහිවූ බවත් එසේ පැමිණි ජනතාවට සිය කෘතඥතාවය පළ කරන බව හා මහවැලි සී කලාපයේ ගොවි ජනතාව ඉඩම් හිමිකම වෙනුවෙන් බලපත්‍රය ලබාදීමට හැකිවීමද සතුටක් වන බවයි.

එසේම මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා ඇතුළු පිරිසක්ද සහභාගී විය.