අද (16) දින මාදම්පේ ශාන්ත සෙබෙස්තියන් පල්ලියේ පිහිටි සෙඩෙක් (SEDEC) ආයතන ශාලාවේදී, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පියවර පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවත අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් සමග පැවැති සාකච්ඡාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගී විය.

අපේ රජය රට බාරගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදුකළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්කගත වී තිබූ බවත් , මෙවැනි සමාජීය පරිවර්තනයන් සිදුකිරීමේදී සුළුතර පිරිසකගෙන් ප්‍රතිවිරෝධතාවයන් මතුවිය හැකියි නමුත් වැරදි නිරාකරණය කරමින් නව අධ්‍යාපන ක්‍රමවේදය ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ රජය විසින් සිදු කරන බඑවත් මෙහිදී එතුමිය ප්‍රකාශ කර සිටින ලදී.