ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන අද (16) පස්වරුවේ යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අත්‍යවශ්‍යතාව පිළිබඳව උතුරු පළාතේ ජනතාව දැනුවත් කිරීම, “රටම එකට” ජාතික මෙහෙයුම මඟින් ඉටු කෙරෙන සුවිශේෂී කාර්යභාරය පැහැදිලි කිරීම මෙන්ම මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා උතුරු පළාතේ මහජනතාවගේ හා අදාළ සියලු පාර්ශවයන්ගේ සාධනීය දායකත්වය ලබා ගැනීම අරමුණු කොට ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
ඒ අනුව 2025 ඔක්තෝබර් 30 සිට 2026 ජනවාරි 13 දක්වා කාලය තුළ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ සමස්ත වැටලීම් ගණන 69,960ක්ද එහිදී සැකකරුවන් 69,318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇන අතර රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් සංඛ්‍යාව 1,446ක් වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ වාර්තා අනුව, එමෙන්ම සැකකරුවන් 58 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනයට යොමු කර ඇති පිරිස 1,384 දෙනෙකුද වේ.
මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් ඇතිවන සෞඛ්‍ය, සමාජ හා ආර්ථික පරිහානිය වළක්වා සමාජ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් “රටම එකට” ජාතික මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.





