නොවැම්බර් 22 වැනිදා පෙ.ව. 6.00 සිට දහවල් 12.00 දක්වා පැය හයක කාලය තුළ මනම්පිටිය මිනුම් ස්ථානයේ මහවැලි ගඟේ ජල මට්ටම මීටර් 1.04 සිට මීටර් 2.88 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එම ස්ථානයේ අනතුරු ඇඟවීමේ සීමාව මීටර් 3.00කි.
එම කාලය තුළම මොරගස්වැව මිනුම් ස්ථානයේ දැදුරු ඔයේ ජල මට්ටම මීටර් 1.81 සිට මීටර් 3.47 දක්වා ඉහළ ගොස් තිබේ. එහි අනතුරු ඇඟවීමේ සීමාව මීටර් 4.75ක් ලෙස සඳහන් වේ.
මේ අතර, පානදුගම ප්‍රදේශයේදී නිල්වලා ගඟේ ජල මට්ටම මීටර් 4.72 සිට මීටර් 4.56 දක්වා පහළ ගොස් ඇති බවද වාර්තා වේ.
ප.ව. 12.30ට නිකුත් කළ වාර්තාවට අනුව, දහවල් 12.00 වන විට ජල මට්ටම් සටහන් වූ සියලු මිනුම් ස්ථානවල අගයන් ඒ ඒ ස්ථානවලට අදාළ අනතුරු ඇඟවීමේ සීමාවලට පහළින් පැවති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



