ජනතාව ලබාදුන් බහුතර ජනවරමට අනුව රට පාලනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පැවසීය.

ඔහු සඳහන් කරන ලද්දේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එකඟතාවයෙන් කටයුතු කිරීමට රජය සූදානම් බවය.

දූෂිත තත්ත්වයන් වෙනස් කර නීතිය හා සාමය ස්ථාපිත කර ජනතාවට වඩා යහපත් රටක් නිර්මාණය කිරීම සඳහා ජනතාව රජයට ජනවරම ලබාදී ඇති බවද ඔහු පැවසීය.

රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව අවධානයෙන් සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ජනතා අපේක්ෂාවන්ට එරෙහිව කටයුතු කරන හෝ ඒවා අඩපණ කිරීමට උත්සාහ කරන පාර්ශ්ව සම්බන්ධයෙන් රජයට ජනතාවගේ පැත්තේ සිට ක්‍රියා කිරීමට සිදුවන බවද සඳහන් කළේය.

එමෙන්ම, අසිත නිරෝෂණ වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ දූෂණ හා වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දේශපාලනඥයන් ආරක්ෂා කිරීමට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන ලෙස සියලු බලවේගවලින් ඉල්ලා සිටින බවයි.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>