මෙරට දරුවන් 9105 දෙනෙකු මත්ද්‍රව්‍ය හා අපරාධ ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට යොමුවී ඇති බව ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
“රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව අද (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන් විවිධ පුද්ගලයන් සමඟ සමීප සබඳතා ඇති කර ගැනීම මෙන්ම ඇතැම් තරුණයන් අතර විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවය.
දෙමාපියන්ගේ නොසැලකිල්ල, අනවධානය සහ දරුවන් නොසලකා හැරීම ඔවුන් විවිධ අවදානම් තත්ත්වයන්ට යොමුවීමට හේතුවක් විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
දරුවන්ට අවශ්‍ය ආදරය, කරුණාව, ගෞරවය සහ අවධානය ලබාදීම තුළින් ඔවුන් වෙනත් ස්ථානවලින් ආදරය හෝ අවධානය සෙවීමට යොමුවීම වළක්වාගත හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





