වසරක් තුළ මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසක් සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කරන ලද්දේ ජනාධිපතිවරයා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් නව දේශපාලන ආදර්ශයක් පෙනෙන්නට ඇති බවත්
නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත්ය.

පසුගිය කල සිදු වූ බව කියන දේශපාලන හා අපරාධ සම්බන්ධ වැරදි පිළිබඳව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනු ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අදාළ විමර්ශන හා නඩු කටයුතු නීතිමය ක්‍රියාවලියට අනුව සිදුවන බවද ප්‍රකාශ කළේය.

මේ අතර, රටේ ආර්ථිකයද ක්‍රමානුකූලව ගොඩනැගෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් ජනතාව අතර රට ඉදිරියට ගෙන යා හැකි බවට විශ්වාසයක් ඇතිවෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

තවද, ඉදිරියේදී ජනතාව සමඟ එක්ව ඉතිරි ගැටලු විසඳමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන අරමුණ කරා ගමන් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>