අධ්‍යාපන පද්ධතිය නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉතා වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාසල් විභාග පැවැත්වෙන කාලසීමාවලදී විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි පීඩනයක් යටතේ සේවය කරන බව සඳහන් කළ අමාත්‍යවරිය, ඔවුන් සාමාන්‍ය රාජකාරි වේලාවන් ඉක්මවා යමින් වගකීම් ඉටු කරන බවද අවධාරණය කළාය.
ඇය සඳහන් කරන ලද්දේ පසුගිය කල ඇති වූ ආපදා තත්ත්වයක් අතරතුර විභාග පැවැත්වීමට සිදුවුවද, කිසිදු ප්‍රශ්න පත්‍රයක් අහිමි නොවී ආරක්ෂා කරමින් නියමිත වේලාවට ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සමත් වූ බවය.
එහිදී නිලධාරීන්ගේ කැපවීම පිළිබඳව සිහිපත් කළ අමාත්‍යවරිය, ආපදා තත්ත්වය හේතුවෙන් තම පවුලේ සාමාජිකයන් අහිමි වූ නිලධාරියෙකු පවා දරුවන්ගේ විභාග ප්‍රශ්න පත්‍ර ආරක්ෂා කිරීමේ වගකීම අත්නොහැර ඉටු කළ බවත් වැඩිදුරටත් සඳහන් කළාය.
එවැනි කැපවීමකින් සහ වගකීමකින් සේවය කරන නිලධාරීන් සිටීම පිළිබඳව අමාත්‍යවරිය සිය ප්‍රසාදයද මෙහිදී පළ කරන ලදි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





