කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශවලට අද (21) සවස සහ රාත්‍රියේ අකුණු අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ සඳහා නිකුත් කළ තැඹිලි මට්ටමේ අනතුරු ඇඟවීම හෙට (22) අලුයම 1.00 දක්වා වලංගු වේ.
කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, නුවරඑළිය, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවල සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එම නිවේදනයට ඇතුළත් වේ. ගාල්ල, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මාතර සහ මොනරාගල දිස්ත්‍රික්කවල තෝරාගත් කොට්ඨාසවලට ද එය අදාළ වේ.
ගිගුරුම් සහිත වැසි ළඟා වන විට එළිමහන් ක්‍රීඩා සහ වැඩ කටයුතු නවතා ශක්තිමත් ගොඩනැගිල්ලකට හෝ සම්පූර්ණයෙන් වසා ඇති, ශක්තිමත් වහලක් සහිත වාහනයකට යන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. හුදෙකලා ගස් යට රැකවරණය ගැනීමෙන් සහ ජලාශ ආශ්‍රිතව රැඳී සිටීමෙන් වළකින ලෙස ද එය උපදෙස් දී තිබේ.
