නින්දවූර් වෙරළට ඔබ්බෙන් මුහුදේ දිය නෑමට ගිය තිදෙනකුගෙන් දෙදෙනකු අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි. ඔවුන් සොයා නාවික හමුදා කිමිදුම්කරුවන්, නින්දවූර් පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
දිය නෑමට ගිය අනෙක් පුද්ගලයා ප්රදේශවාසීන් විසින් බේරාගෙන නින්දවූර් රෝහලට ඇතුළත් කර ඇති බව Daily Mirror වාර්තා කරයි.

