මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා අවට ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දෙවැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. අද (21) අලුයම 5.00ට නිකුත් කළ නිවේදනය හෙට (22) අලුයම 5.00 දක්වා වලංගු වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද, තුම්පනේ, පස්බාගේ කෝරළේ සහ මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළේ ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ කහ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, රඹුක්කන හා අරණායක සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ද එම මට්ටමට ඇතුළත් වේ.

අදාළ ප්‍රදේශවල තද බෑවුම්, මිටියාවත්, කපා සකස් කළ බෑවුම් සහ අවදානම් ස්ථාන හරහා දිවෙන මාර්ග පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස ආයතනය දැනුම් දෙයි.