කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ ජීවිතය බලශක්ති ක්ෂේත්‍රය සමඟ දැඩි ලෙස බැඳී ඇති බැවින්, එම ක්ෂේත්‍රයේ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පැවතීම වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ, රාජ්‍ය මැදිහත්වීම ජනතාවට පිළිගත හැක්කේ එම ආයතන කාර්යක්ෂමව පවත්වාගෙන යමින් ජනතාව අපේක්ෂා කරන සේවා නිසි පරිදි ලබා දෙන්නේ නම් පමණක් බවය.

දේශපාලන අවශ්‍යතා සඳහා රාජ්‍ය ආයතන භාවිත කිරීමේ සංස්කෘතිය ඉවත් කර ඇති බව පැවසූ ඔහු, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) පසුගිය කාලය තුළ අවශ්‍යතාව මත පමණක් නව සේවකයන් බඳවාගෙන ඇති බවද සඳහන් කළේය.

ඒ අනුව, ආරම්භ කර ඇති ව්‍යාපෘති සඳහා ඉංජිනේරුවන් සිව්දෙනෙකු සහ Jet A-1 ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවකයන් කිහිපදෙනෙකු බඳවාගෙන ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

දේශපාලන මැදිහත්වීම්වලින් තොරව බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අපේක්ෂාව බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>