පූර්ව ළමාවිය සංවර්ධනය දරුවෙකුගේ සමස්ත ජීවිතයටම බලපාන තීරණාත්මක අවධියක් බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවාය. ඇය සඳහන් කළේ පූර්ව ළමාවිය සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක හතරක් වන කායික, බුද්ධිමය, භාෂාමය සහ චිත්තවේගීය හා සමාජීය සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවයි. කායික සංවර්ධනය තුළ දරුවාගේ ශරීර වර්ධනය,...

