ජාත්‍යන්තර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය සෘජුව මැදිහත් නොවන බව අමාත්‍ය සුනිල් ගමගේ ප්‍රකාශ කරන ලදී.
ඔහු සඳහන් කරන ලද්දේ, සෑම ක්‍රීඩාවකටම අදාළ ජාතික ක්‍රීඩා සංගමය සහ එම සංගමය යටතේ පත්කරන තේරීම් කමිටුව විසින් ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩකයන් තෝරා ගන්නා බවය.
එසේම තේරීම් කමිටුව විසින් තෝරාගත් ක්‍රීඩකයන් ජාතික ක්‍රීඩා සංගමය මගින් අනුමත කිරීමෙන් අනතුරුව, අවශ්‍ය පහසුකම් සහ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය කටයුතු කරන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී තේරීම් කමිටු සාමාජිකයන්ගේ පක්ෂග්‍රාහීත්වය හෝ හිතවත්කම් බලපාන්නේද යන්න සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ඇතිවිය හැකි එවැනි ගැටලු එක්වර විසඳිය නොහැකි බවත්, ඒ සඳහා සමාජ ආකල්පවල වෙනසක් අවශ්‍ය බවත්,
එය දිගුකාලීන ක්‍රියාවලියක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





