අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඖෂධ හිඟයක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (06) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඔහු සඳහන් කරන ලද්දේ, ඇතැම් විශේෂිත ඖෂධ සඳහා අවශ්‍ය ප්‍රමාණය අඩු වීම හේතුවෙන් සැපයුම්කරුවන් ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහභාගී නොවන අවස්ථාවලදී රෝහල් මට්ටමින් ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති බවය.

අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ඖෂධ ලබාදීමේදීද රෝහලේ එම අවස්ථාවේ අවශ්‍යතා අනුව ඒවා විධිමත්ව ලබාගැනීම සඳහා ලේඛනයක් පවත්වාගෙන යන බව අමාත්‍යවරයා පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>