ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (12) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් යෝජිත 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය අදහස් සහ යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
එසේම මේ පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සංගමයේ සභාපතිවරයා සඳහන් කරන ලද්දේ, අධිකරණ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් සිය සංගමයේ ස්ථාවරය ජනාධිපතිවරයා වෙත පැහැදිලි කළ බවය.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී පුළුල් විද්වත් සාකච්ඡාවක් සිදුකර සියලු පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගන්නා ලෙසද නීතිඥ සංගමය ඉල්ලා ඇති බවද ඔහු පැවසීය.
ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාව සාර්ථක එකක් වූ බවත්, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පියවරෙන් පියවර කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවත් නීතිඥ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





