යතුරුපැදි අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් සිදුවන අනතුරු ඉහළ යමින් පවතින බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා ප්‍රකාශ කරන ලදී.
පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කරන ලද්දේ, විශේෂයෙන් තරුණයන් විසින් යතුරුපැදි අධික වේගයෙන් ධාවනය කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවය.
යතුරුපැදි නිර්මාණය කර ඇත්තේ ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා බවත්, ඒවා ධාවන තරග සඳහා භාවිත කිරීමට නොවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී අවධාරණය කළේය.
අධික වේගයෙන් ගමන් කර හදිසියේ තිරිංග යෙදීමේදී යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව අනතුරු සිදුවිය හැකි බවද,
එවැනි අවස්ථාවලදී යතුරුපැදිකරුවන් විසිවී ගොස් ඉදිරියෙන් හෝ පසුපසින් පැමිණෙන වාහනවලට යටවීමෙන් මරණයට පත්වන සිදුවීම් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.
එබැවින් යතුරුපැදි ධාවනය කරන තරුණයන්ගෙන් අධික වේගයෙන් ධාවනය නොකර මාර්ග නීති හා වේග සීමා පිළිපදින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





