මාර්ග අනතුරුවලින් බරපතළ තුවාල ලබා ජීවිත කාලය පුරා එක්තැන්ව සිටින තරුණ පිරිසක් සමාජයට නොපෙනෙන බරපතළ ගැටලුවක් බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා ප්‍රකාශ කරන ලදී.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කරන ලද්දේ දෛනිකව සිදුවන මාර්ග අනතුරුවල බරපතළකම ඉහළ යමින් පවතින බවය.
අනතුරුවලින් කොඳු ඇට පෙළට හානි වීම, අතපය කැඩී යාම හෝ අහිමි වීම මෙන්ම හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් බොහෝ තරුණයන් එක්තැන් වන බවද ඔහු පෙන්වා දුන්නේය.
අනතුරකට පෙර සතුටින් හා සාමාන්‍ය ජීවිතයක් ගත කළ තරුණයන් අනතුරකින් පසු බරපතළ ශාරීරික හා සමාජීය ගැටලුවලට මුහුණදෙන බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මෙම තත්ත්වය සමාජයට පෙන්වා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවද පැවසීය.
මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන්ට සිදුවන හානියට අමතරව සෞඛ්‍ය පද්ධතියට සහ රටේ ආර්ථිකයටද විශාල බරක් දැරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>

