පසුගිය දින ඇති වූ බන්ධනාගාර අර්බුදකාරී තත්ත්වය හමුවේ රැඳවියන්ගේ ඥාතීන්ගෙන් පළ වූ කලබලකාරී ප්‍රකාශ සම්බන්ධයෙන් රජය අවබෝධයෙන් කටයුතු කළ යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන ලදී.

කැබිනට් තීරණ දැනුම් දීමේ රජයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු තමන්ගේ දරුවෙකු, ඥාතියෙකු හෝ හිතවතෙකු විය හැකි බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඥාතීන් තුළ දැඩි අවධානයක් පැවතීම ස්වාභාවික බවය.

බන්ධනාගාරයක් තුළ කිසියම් කලබලකාරී තත්ත්වයක් ඇති වූ විට රැඳවියන්ගේ ආරක්ෂාව පිළිබඳ ඥාතීන් තුළ අනාරක්ෂිත හැඟීමක් ඇතිවිය හැකි බවද,
එවැනි ආතතිකාරී තත්ත්වයක් තුළ විවිධ ප්‍රකාශ සිදුකිරීමට හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ පමණින් ඒවා පසුපස යාමට රජයට අවශ්‍යතාවක් නොමැති බවද අවධාරණය කළේය.

“අපි ඒ තත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඊට වඩා මේකේ හඳුනාගන්න ජාලිතා ගොඩක් තියෙනවා,” යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>