අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට ලබා දී ඇති හිටපු අමාත්‍යවරුන් භාවිතා කළ නිල නිවාසවල උසාවි පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සපයන ලෙස අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ජනතාවට නීති සේවාවන් වඩාත් පහසු සහ වේගවත් ලෙස ලබාදීමේ අරමුණින් මෙම කටයුතු ඉක්මනින් අවසන් කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
විශේෂ මහාධිකරණ ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට ලබා දී ඇති නිල නිවාසවල අධිකරණ ස්ථාපිත කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා ඊයේ (12) දින එක් වූ අතර, එම අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී තිබේ.


