ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිල පිළිගැනීමට අදාළ කටයුතු සඳහා මහලේකම් ධුරය සම්බන්ධයෙන් පවතින ආරවුල විසඳාගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව යළි දැනුම්දී තිබේ.
පක්ෂයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් පවතින මතභේදය එහි නිල කටයුතුවලට බලපාන කරුණක් වී ඇත.
මැතිවරණ කොමිෂන් සභාව සමඟ නිල සන්නිවේදනය පැවැත්වීම සහ මැතිවරණ සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු කටයුතුවලදී මහලේකම්වරයාට ප්රධාන වගකීමක් පැවරේ.



