කොතලාවල පනතට ශ්‍රීලනිපයේ සහය නොදෙන බවට පොරොන්දුවක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට පොරොන්දු වූ බව අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා. ඒ අනුව එහි නියෝජිතයන් මේ බව සඳහන් කළේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.