ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (08දා) පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවදුරටත් ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයක් ලෙස කටයුතු කළ යුතුද යන්න දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්වී ඇති බව පුවත්පත් වාර්තා කරනවා.

එහිදී මධ්‍යම කාරක සභා සාමාජිකයන් පිරිසක් ආණ්ඩුවෙන් වහාම ඉවත් විය යුතුව ඇතැයි පෙන්වාදී ඇති අතර තවත් පිරිසක් විසින් මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉවත් විය යුතු නැති බවට අදහස් දක්වා ඇතැයි එම පුවත්පත් වාර්තා කර තිබෙනවා.