බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් අදහස් පළ කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි,

දැවැන්ත විශ්වකර්මයෙක් පාර්ලිමේන්තුවට එනවා කියන එකත් එක්ක අපේ හාමුදුරුවෝ සහ සමහර වැදගත් අයයි කියන අය මන්ත්‍රීවරු අදහස් දක්වනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යුද්ධය ඉවර කළා. එයා යුද්ධය කළා සාර්ථකව අවසන් කළා. යුද්ධ කලේ එයා තමයි. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි ආර්ථිකය ශක්තිමත් කලේ සහ කරන්නේ ඒක තමයි මතවාදය මේ එන එකේ මතවාදය ඒක තමයි ආර්ථිකය සම්පූර්ණ ශක්තිමත් කරන්නේ හා කලේ බැසිල් රාජපක්ෂ කරන්න පුළුවන් එයාට කලෙත් එයා යුද්දේ කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැන් මං අහනවා එතකොට ශිරන්ති රාජපක්ෂ මැතිණියගෙන් මහින්ද රාජපක්ෂ මොකක්ද කළේ නාමල් රාජපක්ෂගෙන්, යෝෂිත රාජපක්ෂගෙන් අනිත් කෙනා අර චිචි මහත්තයාගෙන් මං අහනවා තාත්තා මොකක්ද ඔය ගොල්ලන්ගේ කළේ. එතුමා අප්පච්චි කියලා මහා රජාණෙනි කියලා හිටන් මහ මැතිවරණයේදී හාමුදුරුවරු සහ ගායක ගායිකාවෝ සහ මේ රටේ ජනයා අප්පච්චි කියලා හිටං ඔසවා තැබුවේ කාවද ? මේ කිසිම දෙයක් කරපු නැති මහින්ද රාජපක්ෂවද? එයා සියඹලා ගෙනැල්ලාම නැද්ද? ඒ වගේම මහජනයා අතර ඒයා නිකමෙක්ද? එයා ඕලන්ද පොට්ට කාසියක් තරම්වත් වටින්නේ නැති හාදයෙක්ද? එහෙමද වෙලා තියෙන්නේ. එහෙම ද වෙලා තියෙන්නේ කියලා තමයි අපි විශේෂයෙන්ම අහන්නේ.