ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (08) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

පක්ෂයේ ඉදිරි කටයුතු සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේදී පවත්වා තිබුණි.

මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කළ යුතු කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්ය.