අධ්‍යයන බැඳුම්කර සහ ගිවිසුම්වල කොන්දේසි කඩ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට රුපියල් බිලියන 30කට, එනම් කෝටි 3,000කට ආසන්න මුදලක් අයවිය යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අනාවරණ කර තිබේ.

නොවැම්බර් 4 වැනිදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විගණන කටයුතු පිළිබඳව පැවැති කමිටු රැස්වීමේදී මෙම කරුණ සාකච්ඡාවට ගෙන ඇත. අදාළ මුදල නැගෙනහිර විශ්වවිද්‍යාලයට පමණක් නොව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට අදාළ බව වාර්තාවල සඳහන් වේ.

අධ්‍යයන අවස්ථා ලබාගැනීමෙන් පසු ගිවිසුම්ගත සේවා වගකීම් ඉටු නොකළ ආචාර්යවරුන්ගෙන් අයවිය යුතු මුදල් අයකරගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බව කමිටුව අවධාරණය කර ඇත.