ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.
නිශාන්ත රණතුංග යනු හිටපු ක්රිකට් නායක අර්ජුන රණතුංගගේ බාල සොහොයුරෙකු වන අතර, ඔහු ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.
මීට පෙර ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී රජයේ වාහන දෙකක් තිබියදී තවත් Toyota Prado රථයක් කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂ 127.5ක මුදලක් වැය කර තිබීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මීට පෙර විමර්ශන පවත්වා තිබුණි.
කෙසේ වෙතත්, අද සිදු කළ මෙම අත්අඩංගුවට ගැනීම මීට පෙර වාර්තා වූ රථවාහන කුලියට ගැනීමේ සිද්ධියටම සම්බන්ධද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තහවුරු කිරීමක් කර නැත.





