නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) හි මූල්‍ය ප්‍රකාශන විගණනයට සම්බන්ධ වූ අර්න්ස්ට් ඇන්ඩ් යංග් (Ernst & Young) ශ්‍රී ලංකා ආයතනයේ හවුල්කරුවන් දෙදෙනෙකුට බැංකු විගණන කටයුතු පැවරීමෙන් වළකින ලෙස දැනුම් දුන්නද, එමඟින් අදාළ විගණන ආයතනයේ පිළිගැනීමට කිසිදු බාධාවක් එල්ල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. බලපත්‍රලාභී වාණිජ බැංකුවල ගිණුම් විගණනය කරන ආයතන සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකරමින් මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ.
එන්ඩීබී බැංකුවේ අභ්‍යන්තර මූල්‍ය වංචාවක් අනාවරණය වීමෙන් අනතුරුව, එම බැංකුවේ මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම භාරව කටයුතු කළ හවුල්කරු (Audit Partner) සහ තත්ත්ව සහතික කිරීමේ හවුල්කරු (Quality Review Partner) වෙත මෙරට බලපත්‍රලාභී බැංකුවල කිසිදු ඉදිරි විගණන කාර්යයක් පැවරීමෙන් වළකින ලෙස මහ බැංකුව විසින් අර්න්ස්ට් ඇන්ඩ් යංග් ආයතනය වෙත නියෝග කර ඇත. මෙම පියවර ගෙන ඇත්තේ බැංකු ක්ෂේත්රයේ විගණන අධීක්ෂණ ක්‍රියාවලිය දැඩි කිරීමේ අරමුණෙනි.
කෙසේ වෙතත්, මෙම තීරණය හේතුවෙන් 1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල ගිණුම් විගණනය කිරීම සඳහා සුදුසුකම් ලත් විගණන ආයතනයක් ලෙස අර්න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා ආයතනයට ලබා දී ඇති නියාමන පිළිගැනීම අහෝසි වීමක් හෝ ඊට කිසිදු බලපෑමක් සිදුවීමක් සිදු නොවන බව මහ බැංකුව අවධාරණය කරයි. ඒ අනුව පනවා ඇති වාරණය අදාළ විගණන කටයුත්තට ඍජුව දායක වූ හවුල්කරුවන්ට පමණක් සීමා වන බව නියාමන අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.





