දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
මෙම අනතුරු ඇඟවීම අද (10) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වෙන බව එම සංවිධානය නිවේදනය කරයි.
ඒ අනුව, දෙවැනි මට්ටමේ (ඇම්බර්) නායයෑම් ඇඟවීම් බදුල්ල, ගාල්ල, කෑගල්ල, නුවරඑළිය, මහනුවර සහ රත්නපුර යන දිස්ත්රික්කවල පිහිටි පස්සර, නාගොඩ, දැරණියගල, දෙහිඕවිට, නිල්දන්ඩාහින්න, වලපනේ, අඹගමුව කෝරලේ, උඩුදුම්බර, ඇහැලියගොඩ, ඇලපාත, අයගම සහ වැලිගෙපොල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර ඇත.
මීට අමතරව, බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා පළමු මට්ටමේ (කහ) විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
කන්දක්කර සහ නායයෑම් අවදානම් සහිත ප්රදේශවල ජීවත්වන ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි.

