ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවයට නව නිලධාරීන් 246 දෙනකු එක්වීම වෙනුවෙන් නොවැම්බර් 9 වැනිදා ඉසුරුපායේදී උත්සවයක් පැවැත්විණි.
එහිදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල අධ්‍යයන මට්ටම සහ පහසුකම් ඉහළ නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කළාය.
විශ්වවිද්‍යාල මට්ටමේ ගුරු අධ්‍යාපනයක් සඳහා විද්‍යාපීඨ සංවර්ධනය කිරීමත්, වෙනස් වන අධ්‍යාපන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි විෂයමාලා සහ ඉගෙනුම් පරිසරය යාවත්කාලීන කිරීමත් පිළිබඳව ඇය අදහස් පළකර තිබේ.
