පළමු ලෝක යුද්ධයේ සටන් නැවැත්වූ දිනය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යය අද (11) යුද්ධයෙන් දිවි අහිමි වූවන් අනුස්මරණය කරයි. එරට වේලාවෙන් පෙරවරු 11ට විනාඩි දෙකක නිහඬතාවක් පැවැත්වීම සම්ප්‍රදායයි. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ටය.

මෙවර ප්‍රධාන ජාතික සැමරුම් උත්සවය නොවැම්බර් 8 ඉරිදා ලන්ඩනයේ වයිට්හෝල්හි සෙනටාෆ් යුද ස්මාරකය අබියස පැවැත්විණි. එහිදී තුන්වැනි චාල්ස් රජු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අතර, හිටපු හමුදා සාමාජිකයන් දහසකට අධික පිරිසක් සැමරුම් පෙළපාළියට එක් වූහ.

පළමු ලෝක යුද්ධයේ සටන් නැවැත්වීමේ එකඟතාව ක්‍රියාත්මක වූයේ 1918 නොවැම්බර් 11 වැනිදා පෙරවරු 11ටය. බ්‍රිතාන්‍යයේ වාර්ෂික නිහඬතාව පැවැත්වෙන්නේ එම වේලාව සිහිපත් කරමිනි.