ලාහෝර් නුවර දුමාර තත්ත්වය උග්ර වීම හේතුවෙන් ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය රාවල්පිණ්ඩියට මාරු කර තිබේ.
තරගය නොවැම්බර් 17 සිට 21 දක්වා රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන බව පාකිස්තාන ක්රිකට් මණ්ඩලය නිවේදනය කළේය. ලාහෝර්හි වායු දූෂණය ඉහළ යාම සැලකිල්ලට ගෙන ක්රීඩාංගණය මාරු කළ බව එහි ප්රකාශකයකු සඳහන් කර තිබේ.
මෙය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකකින් සමන්විත ශ්රී ලංකා–පාකිස්තාන තරගාවලියේ අවසන් තරගයයි.
