හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12) අයර්ලන්තයට එරෙහිව 2026 අයිසීසී කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නුවර කාර්වාන් ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටියේ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතය. නිත්‍ය නායිකා චමරි අතපත්තු මෙවර තරගාවලියට එක් නොවන බැවින් ශ්‍රී ලංකා පිලේ නායකත්වය හර්ෂිතාට පැවරී තිබේ.

කණ්ඩායම් දහයක් සහභාගි වන මෙම විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘A’ කාණ්ඩයෙන් තරග වදී. අවසන් මහා තරගය නොවැම්බර් 25 වැනිදා පැවැත්වීමට නියමිතය.